Reject the TASK FORCE Recommendations – Media Release (GSLF)

2017 ජනවාරි 23

මාධ්‍ය ප‍්‍රකාශය
  
විදේශීය විනිසුරුවන් හා ශ‍්‍රී ලංකාව තුළ අධිකරණ කටයුතු මෙහෙයවීමට බලය ලත් අය පත් කිරීමට උපදේශන කාර්ය සාධක බලකාය විසින් යෝජනා කරන ලද ක‍්‍රියාමාර්ගයන් ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය (GSLF) විසින් තරයේ ප‍්‍රතික්ෂේප කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනා හරහා විදේශීය විනිසුරුවන් හා ශ‍්‍රී ලංකාව තුළ අධිකරණ කටයුතු මෙහෙයවීමට බලය ලත් අය පත් කිරීමට උපදේශන කාර්ය සාධක බලකාය (CTF) විසින් සංහිදියාව පිළිබඳ යෝජනා කරන ලද නිර්දේශයන් හා නීතිමය ක‍්‍රියාමාර්ගයන් ගැනීම සඳහා පරීක්ෂකවරුන් පත් කිරීම ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය (GSLF) විසින් තරයේ ප‍්‍රතික්ෂේප කරයි.
උපදේශන කාර්ය සාධක බලකාය විසින් දැඩි ලෙස උපක‍්‍රමශීලීව සහ ඉතා අසමබර මෙන්ම අසාධාරණ ලෙස ඉදිරිපත් කර ඇති නිර්දේශයන් ඉතා දැඩි ලෙස මෙන්ම තරයේ සියලූ ජාති හිතෛෂී ශ‍්‍රී ලාංකික ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කර යුතුව ඇත. එම නිසා අප මව්බිමේ වත්මන් ප‍්‍රධානියා වන ගෞරවණීය මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අප රටේ සියලූ නිකායන්හි, ප‍්‍රධාන පූජණීය සංඝ නායක වහන්සේලා මෙන්ම අනිකුත් සියලූම භික්ෂූන් වහන්සේලා සහ අන්‍ය ආගම් වල සියලූම ආගමික නායකයින් ද, විශේෂයෙන්ම කතෝලික සභාවේ පුජ්‍ය මැල්්කම් රංජිත් කාදිනල්තුමා ද, සියලූම පක්ෂ වලට අයත් නොසැලෙන  හදවත් ඇති දේශ හිතෛෂී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් හා සියලූම ප‍්‍රඥා ගෝචර ශ‍්‍රී ලාංකිකයින් මෙම ඉතාමත්ම අසාධාරණ යෝජනා ඉතා ප‍්‍රඥාවෙන් යුක්තව කිරා මැන බලා දේශපාලන පක්ෂපාතිත්වයන් පසෙක තබා ඒකීය ශ‍්‍රී ලංකාවක් වෙනුවෙන් දැඩි ලෙස හෙළා දැකිය යුතු බව ශ‍්‍රී ලංකා ගෝලීය සංසදය නිර්භයව ප‍්‍රකාශ කරයි.
තවත් ඉතා වැදගත් කරුණක් වන්නේ, මෙම උපදේශන කාර්ය සාධක බලකාය යැයි කියා ගන්නා සභාවේ, ශ‍්‍රී ලංකාවේ ජීවත් වන සියලූ පුරවැසි කොට්ඨාශයන් සමබර ලෙස නියෝජනය නොවන බව සක්සුදක් සේ පැහැදිලිය. මෙසේ ප‍්‍රකාශ කිරීමට සිදු වී ඇත්තේ මෙම බලකායේ සමහර සාමාජිකයින් බොහෝ කලක් සිට විදේශීය අරමුදල් වලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන සමඟ කිට්ටු සබදතා පවත්වා ඇති අතර, මොවුන් කිසිම විලි ලැජ්ජාවකින් තොරව අප රටේ අති ගෞරවණීය ආරක්ෂක හමුදාවන්ට මෙන්ම ජාතික අභිවෘධියට එරෙහිව ප‍්‍රසිද්ධියේ ඉතා අසාධාරණ ලෙස විවේචනය කළ අයවලූන්ය. මෙම උපදේශන කාර්ය සාධක බලකායට කිසි දිනෙක සියලූ ජන කොටස් වල කැමැත්තෙන් හා සුහදතාවයෙන් ආදර්ශමත් සංහිදියාවක් ඇති කර ගත නොහැක. මක්නිසාද යත්, ශ‍්‍රී ලංකාවේ 70% කට වඩා නියෝජනය වන සිංහල ජාතියට මෙම බහුභූත කාර්ය බලකායේ ප‍්‍රමාණවත් නියෝජනයක් ලැබී නැති අතර, ඒ නිසාම මෙම සංවිධානය හරහා බෙහෙවින් විකෘති කරන ලද තොරතුරු හා ආත්ම ගෞරවයකින් යුත් ජාතියකට කිසිසේත් පිළිගත නොහැකි ඉතා පහත් මෙන්ම නින්දිත නිර්දේශයන් ඉදිරිපත් කිරීමය.
තව දුරටත් සොයා බලන විට මෙම නිර්ලජ්ජිත කාර්ය සාධක බලකාය ස්වාධීන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක් වන ශ‍්‍රී ලංකාවේ පවතින ව්‍යවස්ථාදායක රාමුව තුළ කටයුතු නොකිරීම මෙන්ම අප රටේ සියවස් ගණනාවක් තුළ පවතින අධිකරණ පද්ධතිය ද අවතක්සේරු කර ඇත. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ හිටපු මහලේකම් විසින් සම්පාදනය කරන ලද, විශේෂඥ කමිටු වාර්තාව (POE) මත පදනම් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC)  ශ‍්‍රී ලංකාව පිළිබඳ ගෙන ඇති සාවද්‍ය ප‍්‍රවේශයට ඔවුන්ගේ සම්පූර්ණ සහයෝගය දී ඇතුවා මෙන්ම, ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් කෙරුවා යැයි කියන තහවුරු කර නොගත් අපරාධයන් ගැන වාර්තා ද ඔවුන්ගේ වාසියට අමතක කර ඇත. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ  A./HRC/30/L අංක දරන මානව හිමිකම් කමිටු යෝජනාවට අනුකූල, අවශ්‍යතාවයක් වන උපදේශන කාර්ය සාධක බලකාය විසින් ඉදිරිපත් කර යුතුව තිබූ ශ‍්‍රී ලංකා ගැටුම සම්බන්ධව නීත්‍යනුකූලව සොයා බැලීමක් හරහා ඔප්පු කළ යුතුව තිබුණු කරුණු සම්පාදනය නොකිරීම ගැන උපදේශන කාර්ය සාධක බලකායේ විශ්වසනීයත්වය හා නිපුණත්වය තව දුරටත් දුර්වල වී ඇති බව පැහැදිලිය. මෙයින් ඉතා පැහැදිලිව කැපී පෙනෙන ලක්ෂණයක් වනුයේ, ඉහත සඳහන් කාර්ය සාධක බලකාය ශ‍්‍රී ලංකා භුමියේ පැවති තත්වය සූක්ෂම ලෙස සොයා බැලීමක් නොකොට, ජාතික ප‍්‍රමුඛතා හෝ ජාතික සහජීවනය ගැන ගැටුමට අදාලව පැවති නීතීන් ආදිය ගැනද තියුණු පරීක්ෂාවකින් තොරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) උවමනාවන් පමණක් ඉටු කර දී ඇති බවය. එකසත් ජාතීන්ගේ මහ ලේකම්ගේ, විශේෂඥ කමිටු වාර්තාව (POE) ප‍්‍රකාශ කර තිබූ පරිදි ජාත්‍යන්තර මානුෂීය නීතිය, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රශ්නයට අදාළ බව ප‍්‍රකාශ කර ඇත්තේ අප රටේ පැවති එදිරිවාදිකම් පැහැදිලිවම අභ්‍යන්තර ගැටුමක ස්වරුපය පෙනෙන්නට තිබු නිසාය. ඉහත වැකියෙන් කියවෙන පරිදි ජාත්‍යන්තර මානුෂීය නීතියෙන් ද මෙය සනාථ වන බැවින්, එය ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ සාමාජිකයින් වන අපේද මතයයි. නමුත් කරුණු මෙසේ තිබියදී එක්සත්් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) ඉතාමත්ම සාවද්‍ය පියවරක් ගෙන මෙම විභාගය මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා ජාත්‍යන්තර මානුෂීය නීතීන් උල්ලංඝනය කිරීම දෙසට හැරවීය.  නමුත් පුදුම උපදවන කරුණක් වන්නේ, ශ‍්‍රී ලංකාවේ එකම පළාතක එකම අවස්ථාවකදී සිදු වන ක‍්‍රියාකලාපයන් වලදී, ඉහත සඳහන් නීති දෙක වන මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා ජාත්‍යන්තර මානුෂීය නීතීන් උල්ලංඝනය කිරීම එකම අවස්ථාවකදී බලාත්මක විය නොහැකි බව උපදේශන කාර්ය සාධක බලකාය නොදැන සිටීමය.
අවසන් වශයෙන්, විදේශීය විනිසුරුවන් ඇතුළත් කිරීම වෙනුවෙන් ඔවුන්ගේ නිර්දේශ වලින් ප‍්‍රශ්න කෙරෙන්නේ, ශ‍්‍රී ලාංකීය විනිසුරුවන්ගේ විනිවිද භාවය හා අපක්ෂපාති බව මෙන්ම පොදුවේ අප රටේ අධිකරණ පද්ධතියේ ශක්‍යතාව ගැනය. තවදුරටත් ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ අප විසින් පැහැදිලිව ප‍්‍රකාශ කළ යුතු කරුණක් වන්නේ, අප රටේ පවතින නීති පද්ධතියට අනුව කිසියම්ම විදේශීය හෝ ජාත්‍යන්තර විනිසුරු වරයෙකුට ශ‍්‍රී ලාංකීය අධිකරණයක නඩු විභාග කිරීමේ කිසිම අයිතියක් නැති බව පැහැදිලිවම සනාථ කර තිබීමය. එම නිසා විදේශීය විනිසුරුවන් ශ‍්‍රී ලංකාව තුළ නඩු විභාග කිරීමට ගැනෙන්නේ නම්, ඊට පෙර පවතින ශ‍්‍රී ලාංකීය ව්‍යවස්ථාවට නව සංශෝධනයක් ඇතුළත් කළ යුතු වන අතර, එසේ කිරීමට පෙර අප රටේ පාර්ලිමේන්තුවේ 2/3 ක වැඩි ඡුන්දයකින් සම්මත කළ යුතු අතර ඊට අමතරව සියලූ ශ‍්‍රී ලාංකීය පුරවැසියන්ගේ ඡුන්දය ජනමත විචාරයක් තුළින් ලබා ගත යුතුව ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක් වන අප ශ‍්‍රී ලංකාවේ ලියවී ඇති ව්‍යවස්ථාපිත නීතියක් වන මෙම ඉහත සඳහන් නීතිය ගැන නොදැන වහසි බස් දොඩන, විශේෂයෙන්ම රාජ්‍ය නොවන සංවිධාන (NGO)  වලට හා ඒවායේ ගැත්තන්ට ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය (GSLF) වන අපගේ මෙම ප‍්‍රකාශනය වැදගත් වනු ඇතැයි අපි විශ්වාස කරමු.
විදේශීය විනිසුරුවන්, නඩු පවරන්නන් හා විමර්ශකයින්ව ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නිර්දේශ කරන ලද උපදේශන කාර්ය සාධක බලකාය විසින් කටයුතු කිරීමේදී, ඔවුන් කිසියම්ම ආකාරයකින් මෙයින් පැන නැගෙන ජාතික අවශ්‍යතාවයන් මෙන්ම නීතිමය ගැටළු ගැන සැලකිලිමත් නොවී ඇති බව පැහැදිලිය. අපක්ෂපාති  ඕනෑම කෙනෙකුට සිත් නැගෙන ගැටළු කිහිපයක් ලෙස මෙම විදේශීය විනිසුරුවන්, නඩු පවරන්නන් හා විමර්ශකයින්ගේ අනන්‍යතාවය පිළිබඳ ප‍්‍රශ්නය වනුයේ,

  • ඔවුන් මොන දීපංකරේ සිට පැමිණියාද කියා නොදන්නා බව.
  • විශේෂයෙන්ම, නීතිමය ක‍්‍රියාමාර්ග ගැන ඇති නිපුණතාවය ගැන අවබෝධයක් නැතිකම.
  • අපක්ෂපාතිත්වය හා සම්බන්ධව ඇති සැකය.

යන කරුණුය.
දේශපාලන යෝග්‍යතාවයක් ලෙස සැලකීමේදී, මෙම උපදේශන කාර්ය සාධක බලකායේ නිර්දේශය ඉතාමත්ම අදුරදර්ශී එකක් සේ සලකා අනිවාර්යයෙන්ම ඉවත දැමිය යුතුය. මෙම අදුරදර්ශී යෝජනාවෙන් ශ‍්‍රී ලාංකිකයින් වන අප විසින් තේරුම් ගත යුතුව ඇති ප‍්‍රධාන කරුණ වන්නේ, මෙය ශ‍්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන යම් යම් රාජ්‍යයන් හෝ රාජ්‍ය නොවන සංවිධාන වල ඇති ප‍්‍රධාන උවමනාවන් වන, ප‍්‍රධාන වශයෙන් ජයග‍්‍රාහී රණවිරුවන්ගේ හා අප ශ්‍රේෂ්ඨ හමුදාවේ ස්ථාපිත වී ඇති දැඩි ආත්ම ශක්තිය දුර්වල කිරීමටත්, නැවත වරක් අප මව් භූමියේ කුරිරු ජාතිවාදී අරගලයක් ඇති කිරීමට උවමනා පසුබිම සකස් කිරීමටත්, වෙර දරන අදෘශ්‍යමාන බලවේගයන් වල ප‍්‍රධාන වශයෙන්, කොටි හිතවාදී බෙදුම්වාදීන්ගේ මුල්‍යමය ශක්තීන් ඉදිරියේ ආපස්සට නැමී ඔවුන්ගේ විසකුරු සැලසුම් වලට උපදේශන කාර්ය සාධක බලකාය ආවඩනවාදැයි සිතීමට බොහෝ ඉඩකඩ ඇත. මෙම කෲර සංවිධාන වල සැලසුමට අනුව තවත් වැදගත් කරුණක් වන්නේ, අපේ විරෝධාර සිංහල හමුදාව දැඩි ලෙස අවතක්සේරුවට ලක් කිරීම හා රට වෙනුවෙන් තම වටිනා ජිවිත පිදු 27,000 ක් පමණ වන සෙබළුන්ද, අද වන තුරුත් අබාධිත තත්වයට පත් වී සිටින වීර සෙබළුන් 14,000 කගේද ජීවිත සුළු කොට සැලකීමට හා නැවතත් අවතක්සේරුවට පත් කිරීමය. උපදේශන කාර්ය සාධක බලකාය අමතක කිරීමට උත්සාහ කරන තවත් වැදගත් කරුණු ලෙස, කොටි ත‍්‍රස්තවාදීන්ගේ කුරිරු බෙදුම්වාදී යුද්ධය ජයග‍්‍රාහී සිංහල හමුදාව විසින් අවසානයට පත් කරගෙන අවසන් දින කිහිපය තුළදී 250,000 ක් පමණ වූ සිවිල් ද්‍රවිඩ ජනතාව කොටි ග‍්‍රහණයෙන් මුදවා ගැනීම හා දහස් ගණනක් වූ අහිංසක ද්‍රවිඩ ළමා සොල්දාදුවන් ද කොටි ග‍්‍රහණයෙන් මුදවා ගෙන නියම නිදහසේ ප‍්‍රීතිය ඔවුන්ට බුක්ති විදීමට සැලසීම යන කාර්යයන් හැදින්විය හැක.
අවුරුදු 30 ක පමණ කාලයක් මුළුල්ලේ ශ‍්‍රී ලංකාවේ ජීවත් වූ මිලියන 22 ක් පමණ වූ සියලූම ශ‍්‍රී ලාංකිකයින් පසුපස හමා ආ මහා දුර්ගන්ධයක් ලෙස සැලකිය හැකි වර්ගවාදී ගැටුම විනාශ කර දැමුවා වූ, ශ‍්‍රී ලාංකික මානව ඉතිහාසයේ ඉහළතම මානව අයිතිවාසිකමෙහි තෑග්ගක් ලෙස සැලකිය හැකි හදිසි මරණ වලට ඇති බියෙන් තොරව ජිවත් වීමේ අයිතිය අපට ලබා දුන්නා වූ සියලූම ත‍්‍රිවිධ හමුදාවේ විරෝධාර සෙබළුන්ට වැරදි විනිශ්චයන් හා තීන්දු ලබා දීම ඉහළතම කුහකකමක් මෙන්ම මහා පාවාදීමකි!
උපදේශන කාර්ය සාධක බලකාය හෝ වෙනත් සංවිධාන :භඨධ* විසින් අපේ වීරෝධාර හමුදාවන්ට සුළුවෙන් හෝ අවමන් කිරීමේ ක‍්‍රියාමාර්ග ගැනීම, දශක තුනක් පමණ දිගු කාලයක ලංකාව පුරා මාරාවේශ වී සැමතැන රුධිරය වගුරුවන ලද ප‍්‍රභාකරන්ගේ ද්‍රවිඩ කොටි ව්‍යාපාරයට ප‍්‍රසාද ගීතිකා ගයමින් දේව පූජා පැවැත්වීමක් වැනි යැයි ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය වටා එක් රොක් වී සිටින අපට හැෙඟ්.

මාධ්‍ය ප‍්‍රකාශක,
රංජිත් සොයිසා.

 

 

 

 

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *