උතුරේ කිසිම ඉඩමක්‌ හමුදාවට දෙන්නේ නෑ

කීර්ති වර්ණකුලසූරිය

උතුරේ කිසිදු ඉඩමක්‌ ආරක්‍ෂක හමුදාවට පවරා ගැනීමට ඉඩ නොදෙන බවත් පලාලි ගුවන් තොටුපළ පුළුල් කිරීම අනුමත නොකරන බවත් උතුරු මහ ඇමැති සීA. විග්නේෂ්වරන් මහතා විසින් ප්‍රකාශ කර ඇත.

උතුරු පළාත් සභාවේ 84 වැනි සැසි වාරය අමතමින් හෙතෙම මේ බව පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් තමා දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාට උපදෙස්‌ දී ඇති බවත් යම් තීන්දුවක්‌ ගැනීමට පෙර පළාත් සභා මන්ත්‍රීවරුන්ට දැන්විය යුතු බව මහ ඇමැතිවරයා තවදුරටත් ප්‍රකාශකර ඇත. උතුරු පළාත් සභාව මේ වන විට යෝජනා 320 ක්‌ සම්මත කර ඇති අතර ඉන් සියයට 90 ක්‌ම රජයට එරෙහි යෝජනා වේ. ආරක්‍ෂක හමුදාව සඳහා ඉඩම් පවරා ගැනීමට තමා වෙත පැමිණි අවස්‌ථාවේ ප්‍රතික්‍ෂේප කළ බවද විග්නේෂ්වරන් පවසා ඇත.

Go To Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *