Daily Archive: January 15, 2016

0

ජාතියේ අනන්‍යතාවයට සිදුවූ දේ ආගමටත් වේද?

1948 දී සුද්දාගෙන් නිදහස ලැබුවද 1957 වනතුරුම රජයේ භාෂාව  වූයේ ඉoග්‍රීසි යයි. ඉoග්‍රීසි උගතාට පමණක් නොව කලිසමට තිබුන තැනවත් එදා සිoහල උගතාට තිබුනේ නැත. එවකට විජේවර්ධනලාට අයත්ව වික්‍රමසිoහලා පාලනය කල ලේක්හවුස් ආයතනයේ ඉoග්‍රීසි පුවත් පතක පලවූ කාටුනයක සිoහල උගතා වඳුරෙකුට සමාන කර තිබිණ. රජයේ පමනක් නොව පුද්ගලික ආයතනවල පවා ලිපිකරු සේවයේ සිට පරිපාලනය තෙක් සියලු තනතුරු කොළොඹ ඇතුලු ප්‍රධාන නගරවල, විශේෂයෙන්ම යාපනයේ,රජයේ ආධාර ලබමින් පවත්වා ගෙන ගිය මිෂනාරී පාසැල් වලින් බිහිකල ඉoග්‍රීසි උගතුන්ට පමණක් සීමාවිය. ඔවුන් අතර ‘බර්ගර්’ හා ද්‍රවිඩ  ජාතිකයින්ද ක්‍රිස්තියානි ලබ්දිකයින්ද, රටේ බහුජන කොටස වන සිoහල බෞද්ධයින් අභිභවා කැපීපෙනින. ගමේ ගොඩේ පවත්වා ගෙන ගිය පාසැල් බොහමයක අවසානය අටවෙනි පන්තිය විය.  නැතනම් දහවෙනි වසරතෙක් යන ‘ප්‍රාරම්භය’ යනුවෙන් හැඳින්වූ අවසාන පන්තිය විය.