සරත් වීරසේකර ඇතුළු 6කගෙන් ජිනීවා යෝජනාවට අභියෝග

කීර්ති වර්ණකුලසූරිය – ජිනීවා සිට

ජිනීවා යෝජනාව අභියෝගයට ලක්‌කරමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රමුඛ 6 දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුව අමතති.

ජිනීවා යෝජනාවට එරෙහිව අභියෝගයක්‌ එල්ල කරන මුල් අවස්‌ථාව මෙයයි. සැප්තැම්බර් 27 වැනිදා මානව හිමිකම් කොමිෂන් ශාලාවකදී මේ අභියෝගය එල්ල කරන්නේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙහිද් රාද් හුසේන් මහතාට එරෙහිවය.

මෙහිදී රාජ නීතිඥ ඩෙස්‌මන් සිල්වා, නීතිවේදී ජෙෆ්රි නයිත් සහ ජනරාල් ජෝන් හොල්ම්ස්‌ විසින් ශ්‍රී ලංකාව යුද අපරාධ කර නැති බවට කෙටුම්පත් කළ වාර්තාව අධ්‍යයනය කිරීමට මානව හිමිකම් කොමසාරිස්‌වරයා ක්‍රියා නොකළේ මන්දැයි අභියෝගයට ලක්‌කෙරේ.

ජිනීවා යෝජනාවට එරෙහිව සැප්තැම්බර් 24 වැනි ඉරිදා ජිනීවාහිදී උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය කටයුතු යොදා ඇත. මේ අතර ප්‍රභාකරන්ගේ මස්‌සිනාවූ එම්. කේ. සිවාජිලිංගම් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා මානව හිමිකම් කොමිසමට පැමිණ ඇත.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *