නව විවස්ථාවක් අනවශ්‍ය බව අස්ගිරි – මල්වතු නාහිමිවරු කියති

නව ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බව කියමින් අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරු 2017.10.18 විශේෂ නිවේදනයක් නිකුත් කළහ. නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බව මහ නාහිමිවරු අවධාරණය කරති…. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්ගේ අනුනායක හිමිවරුන් ප්‍රමුඛ දෙපාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවේ සභික හිමිවරුන් ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ රන් ආයුද මණ්ඩපයේ දී අද රැස්වූහ. සාකච්ඡාව අවසන මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියෝ මෙසේ පැවසූහ. ‘නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම පිළිබඳ අප විශේෂයෙන් සාකච්ඡා කළේ මේ සම්බන්ධව විද්වත් මණ්ඩලයක් අපව දැනුවත් කළ නිසයි. මේ ව්‍යවස්ථාවේ භයානක බව, බලතල බෙදීම මුළු පාර්ලිමේන්තුවට නැති බලයක් ප්‍රාදේශිය සභාවලට, පළාත් සභාවලට ලබාදීම මේ ව්‍යවස්ථාවෙන් සිදුවනවා. ඒනිසා මේ ව්‍යවස්ථාව නුසුදුසුයි. අපත් මේ ව්‍යවස්ථාව නුසුදුසු බව තීරණය කළා. අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බව අපත් පවසනවා. මේ තිබෙන ව්‍යවස්ථාව අපට හොඳයි. උභය මහා විහාර දෙක වගේම රාමඤ්ඤ අමරපුර නිකායන්හි මහ නායක හාමුදුරුවරුත් දැනුවත් කරලා මුළු රටේම මහා සංඝයා වහන්සේලා දැනුවත් කරලා මහා සංඝයාවහන්සේගේ බලවත් විරෝධය අපි එකතුවෙලා ප්‍රකාශ කරනවා. අපි ආණ්ඩුවට කියනවා මේ ව්‍යවස්ථාව හකුලා ගන්න කියලා. පරණ ව්‍යවස්ථාව අපට හොඳයි. ජනාධිපති බලතලත් එලෙසම තිබිය යුතුයි. එත් කොට්ඨාස මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි. රටේ සමස්ත මහා සංඝරත්නයම මේ ව්‍යවස්ථාවට විරුද්ධ විය යුතු බව අප මෙහිදී තීරණය කළා.‘‘

 

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *