කුමන්ත‍්‍රණකාරීන්ගෙන් රට බේරා ගැනීමට සෘජු නායකත්වයක් බලයට පත්කර ගැනීමට එක්වන්න – ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය

ලසිත දුමින්ද විසිනි
කුමන්ත‍්‍රණකාරීන්ගෙන් රට බේරා ගැනීමට අවැසි සෘජු නායකත්වයක් බලයට පත් කර ගැනීම සඳහා තම මවුරටට පැමිණෙන ලෙසට ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය සියලූම විදෙස්ගත ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.
ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල සහ බෙදුම්වාදී බටහිර බලවේග කල්ලිවල කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස පැවති රජය පෙරළා දමා යහපාලන රජය බලයට පත්කරගත් බවත් එදා හැඟීම් මත සිටගත් ජනතාව තමන් කළ වැරැද්ද නිවැරදි කර ගැනීමට කාලය එළැඹ ඇති බවත් ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ විධායක අධ්‍යක්‍ෂ ශ්‍යාමේන්ද්‍ර වික‍්‍රමාරච්චි මහතා පැවසීය.
ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය විසින් පෙරේදා (30 වැනිදා* කොළඹ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී ශ්‍යාමේන්ද්‍ර වික‍්‍රමාරච්චි මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
රටේ ආරක්‍ෂාව සහ දියුණුව උදෙසා කැපවිය හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ මහතා පමණයි. යුද්ධය අවසන් කරලා රට සංවර්ධනය කරා ගෙන යමින් තිබියදී තමයි යහපාලන රජය බලයට ආවේ. නමුත්ප සුගිය කාලය තුළ සෑම අංශයකින්ම කඩාවැටීමකට ලක් වුණා. ජනතාව අද කළ වරද හඳුනාගෙන තිබෙනවා. වෙනත් කාරණා ඔස්සේ සහ බොරුව තුළින් මේ අය බලය ලබා ගත්තා. එදා හැඟීම් මත සිටගෙන තමයි ජනතාව මේ රජය බලයට ගෙනාවේ. එදා ජනතාව සිල්ලර කතාවලට
රැුවටුණා. අදත් යළිත් ඔවුන් එම බොරු පොරොන්දු දෙමින් ජනතාව රටවමින් සිටිනවා.
රටේ ඒකීයභාවය වෙනුවෙන් කුමන්ත‍්‍රණකාරීන්ගෙන් රට බේරා ගැනීමට සෘජු නායකයත්වයක් රටට අවැසි මොහොතක්. මේ තීරණාත්මක මොහොතේ රට බේරා ගැනීමට නිවැරදි තීන්දුවක් ගත යුතුව තිබෙනවා. පෙර වැරදි නිවැරදි කරගැනීමට දැන් කාලය එළැඹ තිබෙනවා. විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් විදිහට මෙරටට පැමිණ නිවැරදි තීන්දුවක් ගන්න. ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය ඒකීය මාතෘ භූමියක් වෙනුවෙන් සෑමවිටම පෙනී සිටිනවා. වැඩක් කළ වැඩක් කර පෙන්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් තම ඡුන්දය භාවිතා කරන්න මවුරටට පැමිණෙන ලෙස සියලූම විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.මේ රට නැවත බේරා ගැනීමට සුරක්‍ෂිත කර ගැනීමට තිබෙන එකම අවස්ථාව මේ ජනාධිපතිවරණය පමණයි. ඔහුගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළින් රටට ගොඩනඟන පැහැදිලි දැක්මක් අන්තර්ගතයි. මේ සම්බන්ධයෙන් අපේ විශේෂ ප‍්‍රණාමය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වෙනවා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *