ඉන්දියාවට හා එංගලන්තයට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය

ආණ්ඩුව කලින කියා සිටියේ නව ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීම සඳහා සමස්ත පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කරන බව ය. ඒ ව්‍යවස්ථා විරෝධී බව අපි පසුගිය 30 වැනි දා රිවිර පත්‍රයෙන් පෙන්වා 

දුන්නෙමු. ඒ අතර ආණ්ඩුවේ පිරිසක් තම මතය වෙනස්කරගෙන ඇති බව පෙනෙයි. ජනවාරි 9 වැනි දා පාර්ලිමේන්තුවේ විවාද කිරීමට බලාපොරොත්තු වන බව කියන යෝජනාවෙන් කියැවෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 

වැනි වගන්තිය අනුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විසිඑක්නෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවන බව ය. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයකු බව කියන රාජ්‍ය ඇමතිවරයකු ද නොවූ මන්ත්‍රිවරයකු 

කියන්නේ ව්‍යවස්ථාව සංශෝධනය කරනු විනා නව ව්‍යවස්ථාවක් සම්පාදනය නොකරන බව ය. ඒ අතර ඔහු මුළු පාර්ලිමේන්තුව ම කාරක සභාවක් කිරීමක් ගැන ද කතාකරයි. එයට අමතරව ආණ්ඩුව මහජන මතය විමසීම සඳහා යැයි 

කියමින් තවත් කමිටුවක් ද පත්කර ඇත. මේ දෙක ම ඇස්බැන්දුන් ය. එය කිසිසේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල නො වේ. 75 වැනි වගන්තියේ එලෙස කමිටු පිහිටුවීමක් ගැන සඳහන් නො වේ. ආණ්ඩුව ඊනියා ජනමතය විමසීමට 

තම හෙංචයියලාගෙන් සමන්විත කමිටුවක් පත්කරන්නේ ව්‍යවස්ථාවේ කිනම් වගන්තියක් යටතේ ද? 

Go to source

 

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *