අපට අහිමි කරවන අපේ රට

අද අප රටේ බොහෝ දෙනෙකු රටේ ඈත ඉතිහාසය තබා මෑත ඉතිහාසයවත් හරිහැටි නොදන්නෝ වෙති. දුටුගැමුණු රජු මහා දුෂ්ඨයෙක් බවත් රුවන්මැලි මහා සෑය මහා පාපකර්මයක් බවත් කියන අලූත් පරපුරේ ඊනියා විචාරකයින් මෙන් පෙනී සිටින මන්දබුද්ධිකයින් මෙන්ම අප රටට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුන වර්ෂය හෝ ජනරජයක් කල වර්ෂය වත් නොදන්නා වත්මන් පරපුරේ සුපිරි ගායකයින් රූපවාහිනී නාලිකා තුලින් දැකිය හැක්කේ එබැවිනි. 

එකදහස් නමසිය හැත්තෑ දෙකට පෙර ද්විතීය පාසැල් අධ්‍යාපනය නිමකළ නිසා අපට අපේ ඉතිහාසය ඉගෙනීමේ අවස්ථාව ලැබුනි. 1970 දී පතකළ මන්ත්‍රි කෙනෙකු වූ එවකට ගම්පොල සහිරා විද්‍යාලයේ විදුහල්පතිව සිටි බද්යුද්දීන් මොහොමඩ් අධ්‍යාපන ඇමතිව සිටියදී ඉතිහාසය, සිoහල සාහිත්‍යය, ප්‍රජාචාරය වැනි විෂයන් පාසැල් විෂය මාලාවෙන් ඉවත්විය. එවැනි විෂයන් හැදෑරු උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය, 1971 ජ.වි.පෙ. කැරැල්ලෙන් ඉඟිකල තරුණ විරැකියාව ආදිය මෙම විෂයන් ඉවත් කිරීමට හේතූන් වශයෙන් එදා සැලකුවද, එහි දිගු කාලීන ආදීනව දැන් පැහැදිලිව පෙනෙන්නට තිබේ. 

Go to source

 

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *