අපි නැවතත් වහල්ලු වෙමු

මෛත්‍රිපාල සිරිසේන ජාතිය අමතා කරන ලද කතාවෙන් ඉතා වැදගත් දෙයක් කීවේ ය. ඔහු කියා සිටියේ ඒබ්‍රහම් ලින්කන් වහලුන් නිදහස් කිරීමෙන් පසුව ද ඇතැම් වහලුන්ට වහල්කම අවශ්‍ය වූ බව ය. අද ලංකාවේ සිදු වී තිබෙන්නේ එයට කිට්ටු දෙයකි. මහින්ද යටතේ වහල්කමින් මිදුණු අපි නැවතත් වහල්බව වුවමනාවෙන් වැළඳ ගත්තෙමු. ජනවාරි 8 වැනි දා සිදු වූයේ එයයි. ජනවාරි 9 වැනි දා පටන් ම බටහිරයන් අපට සලකන්නේ අප ඔවුන්ගේ වහලුන් බවට නැවතත් පත්වීම පිළිබඳ හටගත් සොම්නසින් ය. 


අප කතාකරන්නේ එලිසබෙත් වින්ඩ්සර් අත්වැසුම් ගලවා තමන්ට අතට අත දිම ගැන මෛත්‍රිපාල මහත් උජාරුවෙන් කතාකිරීම ගැන නො වේ. ඩේවිඩ් කැමරන් පැමිණ මෛත්‍රිපාල ඩවුනිං වීදියට ගිය රථයේ දොර ඇරීම ගැන පස්වණක් ප්‍රීතියෙන් පිනා ගිය මෛත්‍රිපාල ගැන ද අපි කතා නො කරමු. එහෙත් ජනවාරි 9 වැනි දාම බටහිරයන් අපට සලකන ආකාරය වෙනස් වූයේ කෙසේ ද? ඉතා පැහැදිලි ව එදා වහල්ලු නැවතත් වහල්ලු වූහ.

Go to source

 

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *