SPUR helps the affected persons in Seruwila Dehwattha

ස්පර් සංවිධානයේ සභාපති දසරත් ජයසුරිය මහතාගේ සම්බන්ධිකරණයෙන් හා මෙල්බර්න් නගරයේ ස්පර් සංවිධානයේ ගංවතුර සහනාධාර අරමුදලින්, දෙසැම්බර් 24 දින සේරුවිල කොට්ටාශයේ , දෙහිවත්ත ග්‍රාම වසමේ, ගංවතුර උවදුරින් අපහසුතාවයට පත් පවුල් 106 කට රු. 5,000 ගනනේ Food City වවුචර්/ටෝකන් බෙදා දුන්නා.

මණ්ඩලගිරි රජමහ විහාරයේ, ශ්‍රී සෝපාක දහම් පාසැලේ ධර්මය හදාරන ළමුන් 96 දෙනෙකුටත්, ගුරුවරියන් 10 දෙනකුටත්, ගල්කන්ද පන්සලේ නායක හිමිවන පූජ්‍ය බලැල්ලේ රතනසාර හිමියන් ගේ නායකත්වය යටතේ ටෝකන් බෙදාදුන් අතර, උන්වහන්සේටත්, මේ අවස්ථාවට සහයෝගය දුන් මණ්ඩලගිරි රජමහ විහාරයේ විහාරස්ථානාධිපති වහන්සේටත් අපි සැවොම ස්තුතිවන්ත වෙනවා.
ස්පර් සංවිධානයේ කාරක සභාවටත්, ස්පර් සංවිධානයේ ගංවතුර අරමුදලට ආධාර දීපු සැම පින්වතෙකුටමත් අපි ස්තුතිවන්න වෙන අතර, සෑම අභියෝගයක්ම ජයගෙන, නැවත වරක් බෞද්ධයන් හැටියට, ආදර්ශමත් ධර්මිශ්ට සමාජයක් ගොඩනැගීමට කැපවෙන බවටත් මේ අවස්ථාවේ සහභාගී වුන සැවොම ප්‍රතිඤාවක් වගකීමෙන් ප්‍රකාශකර සිටියා.

  

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *